ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසැල්වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ II ශ්‍රේණියේ නිලධරයන් සඳහා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024.12.08 දින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

මෙම විභාගය සඳහා අයදුම් කරන ලද අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් අයදුම්කරුවන් අයදුම් කරන ලද අවස්ථාවේ සේවය කරන ලද ආයතන වෙත තැපැල් මගින් යොමු කර ඇත.

විභාග ප්‍රවේශ පත්‍රය තමා වෙත 2024.12.02 දින වන විටත් නොලැබුනු අයදුම්කරුවන් වේ නම් විභාග ඒකකය  වෙතින් විමසීමක් කළ හැකිය. (දුරකථන අංකය 055-2231460 )

 

Loading