අංශ


ආයතන
  • ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු බලතල ප්‍රකාරව ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ,සේවකයින්ගේ ස්ථීර කිරිම්,උසස් කිරීම්,කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ වලින් නිදහස් කිරීම් හෝ පෙරදාතම් කිරීම්.සහන කාල ලබාදීම්,අන්තර් පළාත් ස්ථාන මාරු කිරීම් ශ්‍රේණි උසස් වීම්,ඌව පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කිරීම්,විශ්‍රාම ගැන්වීම් කටයුතු සිදුකිරීම්.
  • පටිපාටික රීති සම්පාදනය, සංශෝධනය හා ප්‍රසිද්ධ කිරීම.
  • ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ හා මාර්ගෝපදේශ නිකුත් කිරීම.
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ අනුමත තනතුරු වලට අදාළ බඳවා ගැනීමේ හා උසස්කිරීමේ පරිපාටි,සේවා ව්‍යවස්ථා පරීක්ෂාකර කොමිෂන් සභා‍වේ අනුමැතිය ලබා ගෙන ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති, සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීම් පරිපාටි, චක්‍රලේඛ සහ උපදෙස් වලින් ආවරණය නොවන අවස්ථා සහ ඒවායින් බැහැරවන අවස්ථා පිළිබඳව කටයුතු කිරීම.
  • යථෝක්ත කර්තව්‍යයන්ට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග / තීරණවලට එරෙහිව අධිකරණයන්හි ගොනු කරනු ලබන නඩු අයදුම්පත්වලට අදාළ කටයුතු හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • ඌව පළාත් රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ,සේවකයින්ගේ විනය අභියාචනා සම්බන්ධයෙන් කටයුතු කිරීම, නැවත සේවයේ පිහිටුවීම, නැවත සේවයට බඳවා ගැනීම් කටයුතු.
  • ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන්,සේවකයින් සඳහා රාජ්‍ය පාරිපාලන චක්‍රෙලේඛ අංක 22/93 ප්‍රකාරව වන්දි ලබාදිමට අවශ්‍ය කටයුතු කිරීම.
ගිණුම්

රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා නිර්බාධ මූල්‍ය තොරතුරු ප්‍රවාහයක් සහ කළමනාකරණ පද්ධතියක් සහතික වෙමින් මූල්‍යමය සේවා සපයයි. ඒ සඳහා පහත ක්‍රියාකාරකම් සපුරාලනු ලැබේ.

  • ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා මූල්‍ය සැළසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  • කාර්යාලයීය අංශ වෙත භාණ්ඩ හා සේවා සැපයීම.
  • ස්ථාවර වත්කම් කළමනාකරණය.
  • මූල්‍යමය කරුණු සම්බන්ධව මාර්ගෝපදේශනය සහ උපදේශනය.
  • ගණන් දීමේ නිලධාරී වන ‍ලේකම්වරයාට මූල්‍ය අංශයේ කටයුතු පිළිබඳව යාවත්කාලීන තොරතුරු සැපයීම.
  • අංශ අතර මූල්‍යමය කටයුතු සම්බන්ධීකරණය.
  • ප්‍රසම්පාදන කටයුතු ඉටු කිරීම.
  • විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම , විගණන විමසුම් අවම කිරීම.
විභාග
• කොමිෂන් සභාව පත්වීම් බලධරයා වන සියළු බඳවා ගැනීම්වලට අදාල කටයුතු
• කාර්යක්ෂමතා කඩඉම් විභාග, දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම
• උසස්කිරීම්වලට අදාල සියලු තරඟ විභාග පැවැත්වීම

Loading