රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම – 2020 – ස්ථීර පදනම යටතේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම – පත්වීම් ප්‍රදාන උත්සවය

ඉහත අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පත්වීම් ප්‍රදානය බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී අදියර දෙකකින් පැවැත්වේ. අදාළ නාම ලේඛනය අනුව ඔබ පැමිණිය යුතු වේලාව පහත පරිදි සංශෝධනය කෙරේ.

1. ජනවාරි 04 වන දින පෙ.ව.8.00 ට පැමිණිය යුතු බව දන්වා ඇති අය පෙ.ව.9.00 ට පැමිණිය යුතු වේ.

2. ජනවාරි 04 වන දින පෙ.ව.10.00 ට පැමිණිය යුතු බව දන්වා ඇති අය පෙ.ව.11.00 ට පැමිණිය යුතු වේ.

3. වැලිමඩ අධ්‍යාපන කලාපයේ පළාත් පාසල් හා ආයතනවල පත්වීම්ලාභීන් ජනවාරි 04 වන දින පෙ.ව.9.00 ට වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිය යුතු වේ.

ලේකම්,

ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව

2022.01.02

 

Loading