2024.03.30 දින පවත්වන ලද උක්ත තරඟ විභාගයේ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය, වේලාව හා ඔබගේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මේ සමග පළ කරනු ලැබේ.

 

2024.04.27 , 2024.04.28 හා 2024.05.04 දිනවල සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ බදුල්ල ඌව මහ විදුහලෙහි පැවැත්වෙන අතර 2024.05.02 හා 2024.05.03 දිනවල හාලිඇල සම්පත් මධ්‍යස්ථානයේදී (බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය අසල) පවත්වනු ලැබේ.   

 

2024.04.27 හා 2024.04.28 දිනවල සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලැබූ  අයදුම්කරුවන්ගේ කැඳවීමේ ලිපි 2024.04.24 දින සිට විද්‍යුත් තැපෑල හරහා යොමු කරනු ලබන අතර 2024.04.26 දින වන විටත් කැඳවීමේ ලිපිය විද්‍යුත් තැපෑල හරහා inbox / spam වෙත නොලැබුණු අයදුම්කරුවන් පමණක් 070 – 2522400 යන වට්ස්ඇප් අංකයට ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ඉල්ලුම් කරන ලද විෂයය, විභාග අංකය හා සම්මුඛ පරීක්ෂණ අංකය යොමු කරන මෙන් දන්වා සිටිමි.

 

2024.05.02 , 2024.05.03 හා 2024.05.04 දිනවල දිනවල සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ කැඳවීමේ ලිපි 2024.04.29 දින සිට විද්‍යුත් තැපෑල හරහා යොමු කරනු ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

ඔබට නියමිත සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය, වේලාව දැනගැනිම සඳහා පහත සබැඳිවෙත යොමු වෙන්න.

සිංහල සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සංගීතය පෙරදිග ව්‍යාපාර හා ගිණුම්කරණය විද්‍යාව – සිංහල මාධ්‍ය බුද්ධ ධර්මය ප්‍රාථමික – සිංහල ප්‍රාථමික – ඉංග්‍රීසි නැටුම් දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – සිංහල මාධ්‍ය චිත්‍ර ගණිතය – සිංහල මාධ්‍ය ක්‍රිස්තු ධර්මය ඉතිහාසය ඉංග්‍රීසි Science – Tamil Medium Primary – Tamil Medium Maths – Tamil Medium ICT – Tamil Medium Dancing – Bharatha Carnatic Music

Loading