ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – (2024)

ඉහත බඳවාගැනීමට අදාළව මා විසින් 2024.05.27 දිනැතිව පළ කරන ලද අයදුම්පත් කැඳවීමේ නිවේදනය පරිදි කටයුතු කිරීම වළක්වාලමින් මොණරාගල මහාධිකරණය මඟින් වාරණ නියෝගයක් නිකුත් කරන ලද බැවින් එකී නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම අතිහිටුවන ලද බව මෙයින් දන්වමි.

අධිකරණය මඟින් ඉදිරියේදී ලබා දෙන තීරණය ප්‍රකාරව මෙම බඳවා ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදුකරන බව ද දන්වමි.

 

එච්.එම්.ජීවන්ත හේරත්
ලේකම්
ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

 

2024.06.05 වන දින
ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය,
අංක 14/4, පීලිපොතගම පාර,
බදුල්ල.

Loading