අනු අංක විභාගය පැවැත්වීමට අපේක්ෂිත දිනය
01 ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2021 (2025) 2025.01.18 සහ 26
02 ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III, II සහ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පළමු, දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2024(2025) 2025.01.25
03 ඌව පළාත් සභාව යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2024(2025)

(දෙපාර්තමේන්තු / ආයතන ක්‍රමවේදයන් පිළිබඳ ලිඛිත පරීක්ෂණය)

2025.01.25
04 ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) නිලධාරීන් සඳහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2024(2025) 2025.01.25

 

  • අනු අංක 01 සහ 04 මගින් දක්වා ඇති විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපෑලට යොමු කර ඇත.
  • අනු අංක 02 මගින් දක්වා ඇති විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර https://exams.psc.up.gov.lk/admission/ සබැඳිය මගින් බාගත කර ගත හැකි අතර විද්‍යුත් තැපෑල (Email) මගින්ද එවීමට කටයුතු කරනු ඇත.
  • අනු අංක 03 මගින් දක්වා ඇති විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රය විද්‍යුත් තැපෑල (Email) මගින් එවීමට කටයුතු කර ඇත.
  • සියලුම විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර 2025.01.17 දින වන විට නොලැබුනහොත් 055-2231460 දුරකථන අංකය වෙත දැනුම් දීමෙන් හෝ 070-2522400 දුරකථන අංකය වෙත ඔබේ නම, තනතුර, ජාතික හැඳුනුම්පත් අංකය වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් ලෙස යොමු කිරීමෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැක

Loading